ඉරිදා සිට තද වැසි, ගිගුරුම් සහිත වැසි අනාවැකි
ගැඹුරු වන ඉහළ වායු අගලකින් තැනින් තැන වැසි සහ තද සුළං ගෙන ඒම නිසා තත්ත්වයෙහි වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමීර් රාජ්‍යයේ කාලගුණ දෙපාර්තමේන්තුව මධ්‍යස්ථ වර්ෂාපතනයක් ඇති විය හැකි බවට පසු ගිය (19) අඟහරුවාදා  පුරෝකථනය කර ඇත. අකුණු සහ ගිගුරුම් සහිත කාල පරාසයන් සමඟ අධික වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් පවතින අතර එය උෂ්ණත්වයේ කැපී පෙනෙන අඩුවීමක් ඇති කරයි.

මෙම ඉරිදා සිට තැනින් තැන වැසි සහ තද සුළං ගෙන එන බැවින් කාලගුණික තත්ත්වයෙහි වෙනසක් අපේක්ෂා කරන බව ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) අපේක්ෂා කරයි.
එළඹෙන අඟහරුවාදා සවස් වන විට වර්ෂාපතනය අඩු වනු ඇතැයි අපේක්ෂා කරන අතර, කාලගුණ දෙපාර්තමේන්තු වාර්තාව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

තද සුළං ද අපේක්ෂා කෙරෙන අතර, ගිනිකොන දෙසින් ඊසාන දෙසින් සහ අවසානයේ වයඹ දෙසින් එම සුලං ප්‍රවාහයන් ගමන් කරයි. මෙම සුළං, මධ්‍යස්ථ මට්ටමේ පවතින අතර  ප්‍රබල සුළං දක්වා පරිවර්තනය විය හැකි බව සඳහන් වේ.  දූවිලි හා වැලි කුණාටුද හමා යන අතර, මාර්ගවල දෘශ්‍යතාව සැලකිය යුතු ලෙස අඩු කරයි.

වෙනස්වන කාලගුණික තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. අරාබි ගල්ෆ් කලාපයට මධ්‍යස්ථ රළ ඇති වීමත් සමඟ මුහුදට ද එහි බලපෑම දැනෙනු ඇත. විටෙක සාමාන්‍ය රළු මට්ටමෙ සිට ඉතා රළු විය හැකිය. විශේෂයෙන් සංවහන වළාකුළු සහිත ප්‍රදේශවල. ඕමාන් මුහුදද  රළු වනු ඇතැයි  අපේක්ෂා කළ හැක.

මාර්තු මාසයේ අවසාන දින 10 තුළ රටට නැවත වැසි ඇති විය හැකි බව පුරෝකථනය කර තිබුනි.
වෙරළබඩ ප්‍රදේශවල සිහින් වර්ෂාපතනයක් (මි.මී. 10ත් 40ත් අතර) අපේක්ෂා කෙරේ. අභ්‍යන්තර ප්‍රදේශවල වැඩි වර්ෂාපතනයක් (මි.මී. 50ත් 80ත් අතර) පුරෝකථනය කෙරේ.

වෙරළබඩ ප්‍රදේශවලට මිලිමීටර් 10 සිට 20 දක්වා වර්ෂාපතනයක් ලැබෙන අතර අභ්‍යන්තර ප්‍රදේශවලට මිලිමීටර් 25ත් 50ත් අතර ප්‍රමාණයක වර්ෂාපතනයක් ලැබේ.

ඩුබායි සහ සාජා වෙරළබඩ ප්‍රදේශවල පවා තරමක වර්ෂාපතනයක් අත්විඳිය හැකි බව පුරෝකථනය කර ඇත.

Share.

Comments are closed.