ගාල්ල රිච්මන්ඩ් සහ මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍යයින් අතර එමීර් රාජ්‍යයේ පවත්වන වාර්ෂික මහා ක්‍රිකට් තරගය වසර 24 ක් පුරා ඔවුන්ගේ අසමසම මිත්‍රත්වය සහ තරඟකාරීත්වය පිලිබිඹු කරන ඉසව්වකි. 2000 වසරේ නොවැම්බර් 3 වන දින ඩුබායි හි අල් නබූදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ මෙම ඉසව්ව වාර්ෂික තරගයක් බවට පත් විය.

මෙතෙක් පැවති තරඟ 13 න් රිච්මන්ඩ් විද්‍යාලයීය පිල ජයග්‍රහණ 7 ක් අත්කර ගෙන තිබෙන අතර මහින්ද පිල ජයග්‍රහණ 6 ක් හිමි කරගෙන තිබේ. පසු ගිය වසරේ පැවති තරඟයේ ජයග්‍රහණය මහින්ද පිල අත් කර ගත්හ.

2024 මාර්තු 24 දා අජ්මාන් හි royal cricket ක්‍රීඩාංගණයේදී පෙරවරු 10:30 සිට සවස 5:00 දක්වා ‘ ආදරවන්තයින්ගේ ගැටුම ‘ මෙවර තරඟය පැවැත් වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. පාසල් ද්විත්වයේ ආදි ශිෂ්‍යයින්ට, පවුල්වලට සහ ක්‍රිකට් රසිකයින්ට මෙදින තරඟාවලියේ තරඟ උණුසුම අත් විඳිය හැකිය.

• රිච්මන්ඩ් පිල

නදීශාල් කොඩිතුවක්කු (නායක)
සුමිත් තල්පගේ
වගීෂ ඒකනායක
සුරේෂ් ගුණවර්ධන
රසික ගජසිංහ ගමගේ
රජිත් ගුරුගේ
ජගත් කීර්තිසූරිය
ඉරූෂ ක්‍රිෂුල්
ඩිලාන් මහදුර
උමේෂ් දොඩම්පේගම
ප්‍රසාද ජයමාල්
ශෂික මුතුහෙට්ටිගම
සංජය ලංකා
ශාමින්ද සිතුම්
දීප්ත ඩී සිල්වා
වර්ණක ප්‍රදීප්

• මහින්ද පිල

ජනිත් චින්තන (නායක)
අනුරාධ ජයරත්න
අජිත් සූරියාරච්චිගේ
තිලිණ මෙන්ඩිස්
ජනිත් දුමින්ද
කණිශ්ක පියුමාල්
සුරත් මාධව
ලහිරු සම්පත්
උෂාන් චාරුක
සංජුල ශෙහාන්
සහිත් හිමාතර
රවිඳු දුලංජන
නුවන් සුරංග
ජනිත චිරාත්
නිලාන් අබේනායක
කසුන් සංජය

Share.

Comments are closed.