මෙවර වනාන්තර දිනයේ තේමාව “වනාන්තර සහ නවෝත්පාදන: වඩාත් හොඳ ලෝකයක් සඳහා විසඳුම්” යන්නයි.

අද වනාන්තර දිනය සමරන්නේ ගෝලීය උණුසුම අධික ලෙස ඉහළ ගොස් ඇති පසුබිමකය.
ශ්‍රී ලංකාව ඇතුලු මුලු මානව සංහතියම ගෝලීය උෂ්ණත්වය නිසා පීඩාවට පත්ව සිටිති.

උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස වන විනාශය මුල් වන බව වන සංරක්ෂන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2020 වසරේ වනාන්තර ප්‍රමාණය මුළු භූමි ප්‍රමාණයෙන් 29.1%කි.

නමුත් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා මෙරට වනාන්තර පද්ධතිය දිනෙන් දින විනාශයට පත් වෙමින් ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Share.

Comments are closed.