Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ ප්‍රතිඵල ප්‍රශංසනීයයි – IMF දූත මණ්ඩල ප්‍රධානී කියයි
Sri Lankan news

ශ්‍රී ලංකාවේ ප්‍රතිඵල ප්‍රශංසනීයයි – IMF දූත මණ්ඩල ප්‍රධානී කියයි

kumudikaBy kumudikaMarch 22, 2024No Comments5 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව විසින් මෙරට ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩසටහන අත්කර ගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය වන අතර එමඟින් සාර්ථක ප්‍රගතියක් ලබමින් සිටින බවත් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත වැටුණු අවස්ථාවේ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවැනි සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණි බව කී ඒ මහතා ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය විසින් මෙම එකඟතාව අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 337ක පමණ මූල්‍ය පහසුකමක් හිමිවන බව ද සඳහන් කළේය.

පීටර් බෘවර් මහතා මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවැනි සමාලෝචනය අවසන් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේදී ඊයේ (21) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදීය.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩලය නියෝජනය කරමින් එහි ප්‍රධානී පීටර් බෘවර් මහතා සහ නියෝජ්‍ය ප්‍රධානී කත්සියරිනා ස්විරිඩ්සෙන්කා (Katsiaryna Svirydzenka) මහත්මිය විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කළ අතර එහි මෙසේ සඳහන් වේ.

• වසර 4ක් පුරා ක්‍රියාත්මක වන විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) මඟින් සහාය දක්වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ වන දෙවැනි සමාලෝචනය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණෙමින් 2024 IV වන වගන්තිය යටතේ වන සාකච්ඡා අවසන් කළේය. මෙම විස්තීරණ අරමුදල් පහසුකම් විධිවිධානය යටතේ SDR බිලියන 2.3ක් (අමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ) සඳහා 2023 මාර්තු 20 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

• සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීම ආරම්භ කර ඇත. ප්‍රතිසංස්කරණ ගම්‍යතාව තිරසාරව පවත්වා ගැනීම සඳහා පාලන දුර්වලතා සහ දූෂණ අවදානම පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්ය.

• මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව ඉදිරි කාලය තුළ, (i) බලධාරීන් විසින් පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, (ii) බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ මූල්‍ය දායකත්වය තහවුරු කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම නියමිත කාලයට මෙන්ම, වැඩසටහනේ සඳහන් ණය ඉලක්කවලට අනුකූලව අවසන් වනු ඇති බවට විශ්වාසයක් ඇති කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබේද යන්න කෙරෙහි අවධානය යොමු කරමින් මූල්‍ය සහතික සමාලෝචනය අවසන් කිරීම යන පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු වේ.

විධායක මණ්ඩලයේ සමාලෝචනය අවසන් වූ පසු, ශ්‍රී ලංකාවට SDR මිලියන 254ක (අමෙරිකානු ඩොලර් මිලියන 337ක් පමණ) මූල්‍ය පහසුකමක් වෙත ප්‍රවේශය හිමිවනු ඇති අතර ඒ යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු මූල්‍ය ආධාර ප්‍රමාණය SDR මිලියන 762ක් (අමෙරිකානු ඩොලර් බිලියන 1ක් පමණ) වනු ඇත.

උද්ධමනය ශීඝ්‍රයෙන් පහතට ගෙන ඒම, විදේශ සංචිත සමුච්චය ශක්තිමත් වීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව රැක ගනිමින්, ආර්ථික වර්ධනයේ ආරම්භක සලකුණු ඇතුළු ප්‍රශංසනීය ප්‍රතිඵල සහිතව, විස්තීරණ අරමුදල් පහසුකම (Extended Fund Facility )යටතේ අධිෂ්ඨානශීලී ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම තුළ ශ්‍රී ලංකාවේ බලධාරීන් සාර්ථක ප්‍රගතියක් අත්කර ගනිමින් සිටී.

සැලකිය යුතු ලෙස සිදු කරන ලද රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී ඇත. සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර 2023 දෙසැම්බර් මාසය අවසානය වන විට සියලු ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක සහ දර්ශක ඉලක්ක සපුරා ගැනීමත් සමඟ වැඩසටහනෙහි කාර්ය සාධනය ශක්තිමත් වී තිබේ. 2024 පෙබරවාරි මාසය අවසානයට පෙර බොහෝ ව්‍යුහාත්මක මිණුම් සලකුණු ප්‍රමාද වී හෝ සපුරාලීම/ක්‍රියාත්මක කිරීම සිදු කර තිබේ.

ඇතැම් ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ තවමත් සිදු වෙමින් පවතී.

ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වේ. කාර්තු හයක අඛණ්ඩ පසුබෑමෙන් පසු වර්ධනය ධනාත්මක වූ අතර, 2023 තෙවන හා සිව්වන කාර්තුවලදී පිළිවෙළින් සියයට 1.6ක් සහ සියයට 4.5ක වාර්ෂික වර්ධනයක් වාර්තා විය. අධි සංඛ්‍යාත ආර්ථික දර්ශක මඟින් පෙන්නුම් කරන්නේ නිෂ්පාදන, ඉදිකිරීම් සහ සේවා අංශවල අඛණ්ඩ වර්ධනයක් පවතින බවයි. උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේදී සියයට 70ක උපරිමයේ සිට 2024 පෙබරවාරි මාසයේ වන විට සියයට 5.9ක් දක්වා පහත වැටී ඇත. මහ බැංකුව විසින් සිදු කර ඇති සැලකිය යුතු විදේශ විනිමය මිල දී ගැනීම් සමඟ 2024 පෙබරවාරි මස අවසානය වන විට නිල සංචිත ප්‍රමාණය දළ වශයෙන් ඩොලර් බිලියන 4.5 දක්වා ඉහළ ගියේය.

ආර්ථිකයේ තිරසර ප්‍රකෘතියක් සහ ස්ථාවර වූත් සියල්ල අන්තර්ගත වූත් ආර්ථික වර්ධනයක් කරා යන මාවතකට ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණවල වේගය පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම අපි පිළිගන්නෙමු. 2025 වසර සහ ඉන් ඔබ්බට ආදායම් උපයා ගැනීමේ ඉලක්ක සපුරාලීම සඳහා සිදු කළ යුතු ආදායම් ඉහළ නැංවීමේ පියවර සමඟ දේපොළ බද්ද හඳුන්වාදීම අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ඉතා වැදගත් වේ.

ආදායම් පරිපාලනය සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන් සිදු කිරීම බදු එකතු කිරීම් ඉහළ නැංවීම සඳහා ද ප්‍රධාන වේ.
ඉන්ධන සහ විදුලි මිලෙහි පිරිවැය ප්‍රතිසාධනය පවත්වා ගැනීම රජය සතු ව්‍යවසායන්ගෙන් පැනනඟින මූල්‍ය අවදානම් අවම කර ගැනීමට උපකාරී වේ.

උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් පහත වැටුණ ද උද්ධමන පීඩනය නැවැත්වීමට සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට සහාය වීමට අඛණ්ඩ අධීක්ෂණය අවශ්‍ය වේ. පවතින බාහිර අවිනිශ්චිතතාව හමුවේ, ශක්තිමත් සංචිත ගොඩනැඟීම මඟින් බාහිර ස්වාරක්ෂක නැවත ගොඩනැඟීම අඛණ්ඩව සිදුකරගෙන යෑම වැදගත් වේ.
මෙය මධ්‍ය කාලීනව ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය නැවත යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වනු ඇත.

පාලනය පිළිබඳ විනිශ්චය වාර්තාවේ ප්‍රධාන නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාකාරී සැලැස්ම වැදගත් පියවරකි. දූෂණ අවදානම් සඳහා අවශ්‍ය පිළියම් යෙදීම, ආර්ථිකය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනැඟීම සහ වඩාත් ශක්තිමත් හා සියල්ල ඇතුළත් වර්ධනයක් අත්කර ගැනීම සඳහා මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ තිරසර උත්සාහයන් අත්‍යවශ්‍ය වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම කණ්ඩායම ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු රජයේ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයන්, සිවිල් සමාජ සංවිධාන සහ සංවර්ධන හවුල්කරුවන් ද හමුවිය.

ශ්‍රී ලංකාවේ බලධාරීන් දැක්වූ විශිෂ්ට සහයෝගය වෙනුවෙන් අපි අපගේ ස්තූතිය පිරිනමමු.
මෙම මාධ්‍ය හමුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ආචාර්ය සර්වත් ජහාන් මහත්මිය ද සහභාගි වූවාය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් ජනපති අබුඩාබියේ පුනරුත්ථාපන සහ විශෝධන මධ්‍යස්ථාන නියාමනය කිරීමේ නීතිය නිකුත් කරයි
Next Article ඩුබායි ප්‍රවාහන අධිකාරිය Hatta, Oud Al Muteena1 සහ Al Sufouh1 හි ව්‍යාපෘති සම්පූර්ණ කරයි
kumudika

Related Posts

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.