Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»Dubai Sri Lions සංවිධානය කරන නෙට්බෝල් ලීග් තරඟාවලිය අද
UAE Sri Lankan

Dubai Sri Lions සංවිධානය කරන නෙට්බෝල් ලීග් තරඟාවලිය අද

kumudikaBy kumudikaMarch 22, 2024Updated:March 23, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර මට්ටමේ නෙට්බෝල් ලීග් ක්‍රීඩා තරඟාවලියක් පැවැත්වීමට ඩුබායි Sri Lions සංවිධානය කටයුතු සූදානම් කර ඇත. පැයක තරඟ කාලයක් එක් තරඟයකට වෙන් කරමින් මාර්තු 23, 24 යන දෙදින පුරා කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී මෙම තරඟය පැවැත්වීමට නියමිතය.

මේ සදහා දේශීය නෙට්බෝල් කණ්ඩායම් හතරක් සමඟ ජාත්‍යන්තර මට්ටමේ නෙට්බෝල් කණ්ඩායම් දෙකක් තරඟ වැදීමට සූදානමින් සිටිති. එම විදේශීය කණ්ඩායම් සඳහා එමීර් රාජ්‍යය, මැලේසියාව හා මාලදිවයින යන රටවල් ඇතුලත් වේ.

  1. Sri Lions International
  2. Maldives Club Matrix
  3. Sri Lanka schools
  4. Sir John Kothalawala Defense University
  5. State Services Netball Association
  6. Nationalized Services Netball Association

ජයග්‍රහණය ලබා ගන්නා ක්‍රීඩිකාවන්ට රන්, රිදී හා ලෝකඩ පදක්කම් හිමි වන අතර තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට තරඟාවලියේ වීරයාට හිමි කුසලානය වන “තිලකා ජිනදාස කුසලානය” සමඟින් ඩුබායි 7s කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සුවිශේෂි අවස්ථාවක් උදා වේ. වර්තමානය වන විට ආසියාවේ සිටින ප්‍රවීණතම හා දක්ෂතම නෙට්බෝල් පුහුණුකාරිය වන තිලකා ජිනදාස මෙනවිය Sri Lions නෙට්බෝල් කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස සිය සම්පත් දායකත්වය ලබා දෙයි.

ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුලු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා ක්‍රීඩා අමාත්‍යාංශය මේ සඳහා ඉහලම දායකත්වයක් ලබා දෙති. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ලෙස මහාචාර්ය රියල් අද්මිරාල් ශෙමාල් ප්‍රනාන්දු මහතා කටයුතු කරන අතර ඔහු විසින් මෙම තරඟාවලියේ සමාප්තිය සනිටුහන් කිරීමට විශේෂ ආරාධිතයෙකු ලෙස එක් වේ.

මේ වන විට රගර් ක්‍රීඩාවට සේම නෙට්බෝල් ක්‍රීඩාවටද ජාත්‍යන්තර මට්ටමේ ඉහල ක්‍රීඩක දායකත්වයක් ලබා දෙමින් ශ්‍රී ලයන්ස් කණ්ඩායම ආසියාවේ ප්‍රබලතම නෙට්බෝල් කණ්ඩායමක් බවට පත්ව ඇත්තේ ජයග්‍රහණය රැසක් අත්කර ගනිමිනි. දිවයින තුල නෙට්බෝල් ක්‍රීඩාව ඉහල නැංවීම සහ ජාත්‍යන්තර මට්ටමේ තරඟකාරී පසුබිමක් ශ්‍රී ලංකාවේ ඉදිරි පෙල නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට අත් විඳීමට අවස්ථාව සැලසීම මෙම ලීග් තරඟාවලියේ අරමුණයි. ඒ සඳහා ප්‍රධානම දායකත්වය ලබා දෙන්නේ ඩුබායි හි Sri Lions සංවිධානයයි. ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ පූර්ණ සහයෝගය සහිතව දේශීය නෙට්බෝල් ක්‍රීඩා ඉසව්ව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට Lions සංවිධානය උපරිම දායකත්වය ලබා දෙන්නේ ලාංකිකත්වය ජාත්‍යන්තරයේ බැබලවීම සඳහාය.

2019 වසරේ ගරු ආචාර්ය කැලුම් සුජිත් මහතාගේ නිර්මාතෘත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇරඹි Sri Lions සංවිධානය ක්‍රීඩා, සමාජ සුබසාධන සහ ප්‍රජා සේවා කටයුතු මුල් කරගෙන ක්‍රියාත්මක වේ. මේ වන විට ප්‍රධාන ක්‍රීඩා 10 ක් පිලිබද අවධානය යොමු කරන මෙම සංවිධානය ලෝකය පුරා සිටින ශ්‍රී ලාංකිකයන්ට ප්‍රමුඛත්වය ලබා දෙන ආයතනයකි. ක්‍රිකට්, රග්බි, වොලිබෝල්, පාපන්දු, බැඩ්මින්ටන් , නෙට්බෝල්, හොකී, පිහිනුම්, ගොල්ෆ් හා පැසිපන්දු ක්‍රීඩාවන් සඳහා සිය දායකත්වය දක්වයි. එමීර් රාජ්‍යයේ A කාණ්ඩයේ ක්‍රිකට් හා නෙට්බෝල් තරඟ ඉසව් වලදී මෙන්ම රගර් ක්‍රීඩාවෙන්ද Sri Lions කණ්ඩායම ජාත්‍යන්තර මට්ටමින් සිය දක්ෂතා විදහා පෙන්වති. ලොව සිටින දක්ෂතම හා ජනප්‍රිය රගර් ක්‍රීඩකයින්ගේ වෘත්තීය දායකත්වය ලබා ගනිමින් කණ්ඩායම් නායකත්වය සඳහා නිරතුරුවම ශ්‍රී ලාංකික දක්ෂයෙකුම තෝරා ගන්නේ ජාත්‍යන්තර තලයේ ලාංකේය තරු සලකුණ සටහන් කරමිනි.

Colombo Dubai Featured Sri Lanka UAE World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ප්‍රවාහන අධිකාරිය Hatta, Oud Al Muteena1 සහ Al Sufouh1 හි ව්‍යාපෘති සම්පූර්ණ කරයි
Next Article වේගයෙන් පැතිරෙන චර්ම රෝගයක්
kumudika

Related Posts

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.