ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් වූවන් වෙනුවෙන් සහන සැලසීම අරමුණු කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව ආරම්භ වුණු ගාසාහි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා රුපියල් ලක්ෂ 5ක මුදලක් පරිත්‍යාග කර ඇත.
ගාසාහි ළමා අරමුදලට මේ වන විට රු. 7,136,412ක මුදලක් ලැබී තිබෙන අතර, කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති රංජිත් පේජ් මහතාද පසුගිය 28 දා රුපියල් මිලියන 3ක මුදලක් මේ සඳහා පරිත්‍යාග කළේය. සියලු අමාත්‍යාංශ සහ රජයේ ආයතන එක්ව මෙවර ඉෆ්තාර් සැමරුම් පැවැත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදන මේ අරමුදලට පිරිනමන ලෙසද රජය උපදෙස් දී ඇත. එමෙන්ම මේ සඳහා ජනතාවගේ දායකත්වයද අපේක්ෂා කරන අතර, රාමසාන් මාසය තුළ ගාසාහි ළමා අරමුදල සඳහා දායක වීමට කැමැති පරිත්‍යාගශීලීන් වේ නම්, ඒ පරිත්‍යාග අප්‍රේල් 11 දාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත බැර කර ඊට අදාළ ලදුපත 077-9730396 වෙත Whatsapp මඟින් යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී සිටියි.
ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන්ට සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන මඟින් මේ පරිත්‍යාග ලබාදීමට අපේක්ෂිතය.