දිවයිනය පැමිණෙන විදේශිකයන්ට ගුවන්තොටුපොළේදීම මෙරට රියැදුරු බලපත්‍රය ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ ලබන මස 15 වැනි දා සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.
ඒ අනුව විදේශිකයින්ට, ගුවන්තොටුපොළේදීම ඒ සඳහා අයැදුම් කර, ඉන් පිටතට පැමිණෙන විට රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

රිය අනතුරු වින්දිතයන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබාදීමේ වැඩපිළිවෙළ මේ වනවිට ආරම්භ කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඒ අනුව අනතුර සිදු වී වසරක් තුළ අදාළ රක්ෂණ ආයතනයට අයැදුම් කිරීමෙන් උපරිමය රුපියල් ලක්ෂ 5ක් දක්වා වන වන්දි මුදල ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා කියා සිටියේය.

Share.

Comments are closed.