අබුඩාබි නගරයේ සිට කොළඹ දක්වා සතිපතා අමතර ගුවන් වාර කීපයක් සැලසුම් කර ඇතැයි සඳහන් වේ. ඒ අනුව අප්‍රේල් 9 සිට සෑම අඟහරුවාදා දිනකම අමතර ගුවන් ගමන් පහක්  අබුඩාබි සිට කොළඹ දක්වා ගමන් කරනු ඇති. 

අබුඩාබි සිට කොලඹ දක්වා 3L 461 ගුවන් යානය රාත්‍රි 10.20 ට පිටත් වී අලුයම 4.25 ට කොලඹ බලා පැමිණේ.  3 L 708 යන ගුවන් යානය සවස 3.20 ට පිටත් වී රාත්‍රී 9.25 ට කොලඹට ලගා වේ.

කොලඹ සිට නැවත අබුඩාබි නගරය බලා 3L 462 යානය සවස 5.05 ට කොලඹින් පිටත්ව රාත්‍රි 08. 05 ට අබුඩාබියට ලඟා වේ. 3L 709 ගුවන් යානය රාත්‍රි 10.05 ට පිටත්ව අබුඩාබි නගරයට අලුයම 01.05ට ලඟා වනු ඇත.

වැඩි විස්තර සඳහා 028153455 ට අමතන්න. ආසන, කෑම බීම, ගමන් මලු, රක්ෂණය කලින් වෙන්කරවා ගැනීම අවශ්‍ය වේ.

Share.

Comments are closed.