ආනයනික කිරිපිටි මිල ඊයේ (24) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරීමට පියවර ගෙන ඇත. වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඊයේ (24) පස්වරුවේ මේ බව ප්‍රකාශ කලේය.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 150 කින් සහ ග්‍රෑම් 400 ක් රුපියල් 60 කින් අඩු කර ඇත.

දේශීය කිරිපිටි මිල පහළ දැමීමට මෙතෙක් පියවර ගෙන නැතැයි දේශීය කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමය පැවසුවේ දේශීය කිරිපිටි මිල පහළ දැමීමෙන් දේශීය කිරිගොවියාට බලපෑම් ඇතිවිය හැකි බවයි.

Share.

Comments are closed.