අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු ලබන මස 01 වැනිදා සිට සහස්යා ඉන්වෙස්මන්ට්  ලිමිටඩ් ආයතනයට පැවරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවය.
අධිවේගී මාර්ග ජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම්, අධිවේගී මාර්ග ණය(දේශීය) සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වාණිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි, මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීමට පසුගිය වසරේ ජුනි 26 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව නීතිමය හා මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයකින් අනතුරුව මාස හයක් ඇතුළත අදාළ සියලු වත්කම් පැවරීමට නියමිතය.

Share.

Comments are closed.