ඉතිහාසයේ පළමුවරට සෞදි අරාබියේ තරුණියක් විශ්ව රූ රැජින තරගයට ඉදිරිපත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන සැප්තැම්බර් මස 18 වැනිදා මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත 2024 විශ්ව රූ රැජින තරගයට සහභාගි වීමට අවස්ථාව ලැබී ඇත්තේ සෞදි අරාබියේ රියාද් නුවර උපන් 27 හැවිරිදි රූමි අල්කාතානි නමැති තරුණියක් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඇය මැදපෙරදිග රටකින් විශ්ව රූ රැජන තරගයට සහභාගි වන දෙවැනි තරුණිය ලෙසත් වාර්තාපොතට එක්වූවාය. මීට පෙර පසුගිය වසරේ බහරේන් රාජ්‍යයේ 19 හැවිරිදි ලුජානි යාකුබ් එල්සැල්වදෝර්හි පැවැති විශ්ව රූ රැජින තරගයට එක්වෙමින් ඇය වාර්තා තැබුවාය.

මීට පෙර සවුදි අරාබි රූ රැජින, මැදපෙරදිග රූ රැජින, අරාබි ලොව රෑ රැජින සහ සවුදි අරාබියේ රූමත් කාන්තාව ලෙස ජයග්‍රහණ රැසක් ඇය අත්කර ගත් බව ද වාර්තා වේ.

Share.

Comments are closed.