එමීර් රාජ්‍යයේ වෙසෙන මහනුවර ධර්මරාජ හා කිංග්ස්වුඩ් විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම හෙට (30)  , සවස 4 .00 ට සාජා හි ඉංග්‍රීසී පාසල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම්ව ඇත.

4 වන වරටත් සංවිධානය කරන මෙම තරඟ ඉසව්වේ පසු ගිය වසරේ ජයග්‍රහණය හිමි කර ගත්තේ මහනුවර කිංග්ස්වුඩ් කණ්ඩායමයි. මෙවර තරඟය සඳහා සත්කාරකත්වය දරන්නේ ධර්මරාජ විද්‍යාලයීය කණ්ඩායමය විසිනි. මෙවර ධර්මරාජ විද්‍යාල කණ්ඩායමේ නායකත්වය දරන්නේ මාධව පියසිංහ වන අතර කිංග්ස්වුඩ් කණ්ඩායමේ නායකත්වය රනිල් ද සිල්වා විසින් හොබවයි.

ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයින් විසින් ගෙන එන සජීවී තරඟ විස්තර විචාර සමඟ D.J. සංගීතය හා මුසු වෙමින් සංගීතයේ මිහිරියාව සමඟ උණුසුම් තරඟ අත්දැකීමක් නැරඹීමේ අවස්ථාව නරඹන්නන්ට හිමි වේ. මුළු පවුලටම විනෝද විය හැකි විනෝද ඉසව් රැසක් සමඟින් ලමා, වැඩිහිටි සියල්ලන්ටම මෙහිදී විනෝද විය හැකිය.

Share.

Comments are closed.