බටහිර සහ නැගෙනහිර අප්‍රිකාවේ සිට ආසියාවේ නැගෙනහිර දෙසට වෙළෙඳාම ගලා ඒම සඳහා ඉන්දීය සාගරයේ මුහුදු මාර්ග වෙනුවෙන් කැපවී සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කලේය.

ආසියාව සඳහා වූ බොආඕ සංසදයේ, 2024 වාර්ෂික සම්මන්ත්‍රණය අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ , ඒ සඳහා එක් ව කටයුතු කිරීමට ලක් රජයේ සහයෝගය ලබාදීමට ප්‍රතිඥා දෙන බවයි.

චීනයේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයක නව මුහුණුවරක් ගෙන ඇති බවද අග්‍රමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ ය.

කොළඹ වරාය, අත්‍යවශ්‍ය සංවර්ධනය සහ ආයෝජන සඳහා රටවල් අතර වර්ධනය වන නව ඉල්ලීම් සපුරාලිය හැකි නව සංවර්ධිත වරායක කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇති බවද ඔහු පැවසුවේ ය.

ආදායම සාධාරණ ලෙස බෙදී යන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැගීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් විශේෂ ඉල්ලිමක් කළේ ය.

Share.

Comments are closed.