මාර්තු 30 සෙනසුරාදා සිට 2024 අප්‍රේල් 03 බදාදා දක්වා.
සෙනසුරාදා දින මීදුම ඇතිවීමේ සම්භාවිතාවක් සහිත බව වාර්තා වේ. සමහර වෙරළබඩ සහ අභ්‍යන්තර උතුරු ප්‍රදේශ වල තෙතමනය සහිත කාලගුණයක් පවතිනු ඇති අතර වලාකුළු ක්‍රමයෙන් වැඩි වන අතර රාත්‍රියේදී බටහිර දෙසට සැහැල්ලු වර්ෂාපතනයක් ලැබීමේ යම් සම්භාවිතාවක් ඇත. ඒත් සමඟ උෂ්ණත්වයේ සුළු  වැඩිවීමක් සිදු විය හැක. වයඹ සිට ඊසාන දෙසින් හමන සුළං, පැයට කිලෝමීටර 35 දක්වා වේගයකින් හමා එනු ඇත.

ඉරිදා සමහර අභ්‍යන්තර ප්‍රදේශවල සුළු වර්ෂාපතනයක් ඇති විය හැක.
සුළඟ මධ්‍යස්ථ මට්ටමින් වයඹ සිට ඊසාන දෙසින් හමන්නේ පැයට කිලෝමීටර 35 ක වේගයෙනි.
අරාබි ගල්ෆ් සහ ඕමාන් මුහුද තරමක රළු ස්වභාවයක් ගනු ඇත.

සඳුදා සාමාන්‍යයෙන් අර්ධ වශයෙන් වළාකුළු පිරි අහසක් දැකිය හැක. දිවා කාලයේ දකුණු දෙසට මඳ වර්ෂාපතනයක් ඇතිවීමේ සම්භාවිතාවක් සහිතය.
මධ්‍යස්ථ මට්ටමින් වයඹ දෙසින් හමන සුළං පැයට කිලෝමීටර 35 දක්වා වේගයෙන් ළඟා වේ.

අඟහරුවාදා අර්ධ වශයෙන් වළාකුළු සහිතය.
සුළඟ වයඹ දෙසින් හමා එයි.
අරාබි ගල්ෆ් හා ඕමාන් මුහුද තරමක් රලු වනු ඇත.

බදාදා සමහර වෙරළබඩ සහ උතුරු ප්‍රදේශවලට මද වර්ෂාපතනයක් ඇති විය හැකි අතර විටින් විට වලාකුළු සහිත අහසක් දැකිය හැකි වේ.

Share.

Comments are closed.