නෞකාවක් ගැටි කඩා වැටුනු ඇමෙරිකාවේ බැල්ටිමෝර්හි ” ෆ්‍රැන්සිස් කොට් කී ” පාලමේ සුන්බුන් ඉවත් කිරීමට හා ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට අමෙරිකානු රජය විසින් මූලික අදියර ලෙස ඩොලර් මිලියන 60ක හදිසි අරමුදල් ප්‍රදානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වානේ ටොන් 3,000ක් හෝ 4,000ක් පමණ වන පාලමේ සුන්බුන්වලට සිරවී ඇති නෞකාව ඉවත්කර ගැනීමට අවශ්‍ය කටයුතු සැළසුම් කිරීමද මේ වන විට සිදු කරමින් පවතී.
පුද්ගලයින් 06 දෙනෙකුට මෙම සිද්ධියෙන් දිවි අහිමි වු අතර, කාර්ය බහුල නාවුක ගමන් මාර්ගයක් වුවත් මෙම සිද්ධියෙන් පසු තවමත් එම ප්‍රදේශය හරහා නෞකා ගමනාගමනය සිදු නොවේ.

පාලමෙහි සුන්බුන් ඉවත් කර වරායේ පිවිසුම් මාර්ගය යළි විවෘත කරන තුරු ඩොලර් මිලියන 15ක පමණ දෛනික පාඩුවක් විඳ ගැනීමට සිදුවනු ඇතැයි ද වාර්තා වේ. මේ අතර බැල්ටිමෝර් නුවර පාලම කඩා වැටීමෙන් සිදු වූ හානිය සඳහා වන රක්ෂණ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවනු ඇතැයි ද, එය එතෙක් මෙතෙක් ඉතිහාසයේ තනි අනතුරකට ගෙවනු ලබන විශාලතම සමුද්‍ර රක්ෂණය වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Share.

Comments are closed.