ගාසා තීරයේ ගැටුම්වලින් පීඩාවට පත් දරුවන්ට ආධාර කිරීම සඳහා ලංකා රජය ඩොලර් මිලියනයක් පරිත්‍යාග කළ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාල චෙක්පත පලස්තීන තානාපති Dr. Zuhair Hamdallah Zaid මහතාට බාර දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත  පරිත්‍යාගශීලීන්ගේ ද දායකත්වයෙන් මෙම අරමුදල ඇරඹිණි.

Share.

Comments are closed.