හමාස්  සංවි­ධා­න­යට එරෙ­හිව ගාසා තීරයේ යුද ගැටුම් ආරම්භ කිරී­මෙන් පසු ඊශ්‍රා­ය­ලයේ රජ­යට එරෙහි විශා­ල­තම විරෝ­ධ­තාව පෙරේදා සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අති විශාල ඊශ්‍රා­යල ජන­තාවක් ජෙරු­ස­ලමේ ඊශ්‍රා­යල පාර්ලි­මේන්තු ගොඩ­නැ­ඟිල්ල අවට එක්රොක් වී අග­මැති බෙන්ජ­මින් නෙත­න්යා­හුට ධුර­යෙන් ඉව­ත්වන ලෙස  ඉල්ලා මෙම දැවැන්ත විරෝ­ධ­තාව පැවැත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හමාස් සංවි­ධා­නය ඊශ්‍රා­යල වැසි­යන් ප්‍රාණ ඇප­යට ගෙන මාස 6ක් ගත­වූ­වද, ඊශ්‍රා­යල හමු­දා­වට මෙතෙක් ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කර­ගැ­නී­මට
නොහැකි වීම හේතුවෙන් දැඩි කෝප­යට පත්ව සිටින ඔවුන්ගේ පවුලේ සාමා­ජි­ක­යන් සහ ඥාතීන් ද එම විරෝ­ධ­තා­වට එක්ව සිටි බව වාර්තා වේ.    

 

ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කර­ගැ­නී­මට හැකි­යාව පව­තින එකම විස­ඳුම වන සටන් විරා­මය වහාම ක්‍රියා­ත්මක කරන ලෙසත්, හැකි ඉක්ම­නින් මහ­ මැ­ති­ව­ර­ණය පව­ත්වන ලෙසත් ඉල්ලා ජන­තාව උද්ඝෝ­ෂ­ණයේ නිර­තව සිටින අතර, යුද ගැටු­ම්ව­ලට මුවා වී අග­මැ­ති­ව­රයා තව­දු­ර­ටත් බලයේ රැඳී සිටින බවට ද චෝදනා එල්ල කර ඇතැයි වාර්තා වේ.

හමාස් සංවි­ධා­න­ය ඊශ්‍රා­ය­ල­යට කඩා වැදී එරට වැසි­යන් ප්‍රාණ ඇප­යට ගැනී­මට තරම් ආර­ක්ෂක තත්ත්වය දුර්වල වීමත්, ගාසා තීරයේ නිරා­යුධ පල­ස්තීන වැසි­යන් ඝාත­නය කිරී­මෙන් ජාත්‍ය­න්තර අප්‍ර­සා­ද­යට පත් වී­මත් එරට ජන­තා­වගේ කෝපය වැඩි කිරී­මට සමත් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය අවධාරණය කර තිබේ.

Share.

Comments are closed.