රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් මැයි මස 21 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස නම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

‘අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච (අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු)’ යන තේමාවෙන් යුතුව, මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇත.

එහි සමාරම්භක උළෙල සහ සමාප්ති උළෙල පිළිවෙළින් මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේ දී සහ පල්ලෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිල්ලවාන ශ්‍රී සුනන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සැලසුම් කර ඇති වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමටත්, 2024 මැයි මස 22, 23 හා 24 යන දිනයන්හි සත්ත්ව ඝාතන හා මස් මාංශ අලෙවි කරන ස්ථාන සහ සුරාසල් ඇතුළු මත්ද්‍රව්‍ය අළෙවි කරන ස්ථාන වසා තැබීමටත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Share.

Comments are closed.