ආනයනික ළූණු වර්ග සඳහා ඇස්තමේන්තු මිල පරාසයක් මහජනතාව සහ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරිම සඳහා සතිපතා නිකුත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

ඒ අනුව ආනයනික රතු ළූණූ කිලෝවක මිල රුපියල් 384 ත් 422 ත් අතර ද,ආනයනික ලොකු ළූණු කිලෝවක මිල රුපියල්  278 ත් 306 ත් ද,ආනයනික රෝස ළූණු කිලෝවක මිල රුපියල් 305 ත් 335 ත් අතර  ද  වන බව එම අධිකාරිය සඳහන් කරයි.

මෙම මිල පරාසය පාරිභෝගික මහජනතාව දැනුවත් කිරිම සඳහා ප්‍රකාශයට පත්කරනු ලබන අතර මින් වෙළෙඳපොළ  තුල තරඟකාරිත්වය තුලින් පාරිභෝගික මහජනතාව වෙත සාධාරණ මිලකට ආනයනික ළූණු මිල දී ගැනීමට අවස්ථාව සැලසීම බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය. 

Share.

Comments are closed.