මෙටා සමාගමට අයත් Whatsapp යෙදවුම පරිශීලකයින්ට නව විශේෂාංගයක් හඳුන්වා දී ඇත.
ඒ තුළින් පරිශීලකයින්ට තම මිතුරන්ට Video Note යොමු කිරීමට හැකියාව හිමි වේ.

එම සමාගම ප්‍රකාශ කරන්නේ තත්පර 60ක Video Note එකක් යොමු කළ හැකි බවය.
Whatsapp Chat එකක් තුළ ඇති Voice සංකේතය හරහා Voice Note එකක් යොමුකරන ආකාරයටම එහි ඇති Camera සංකේතය හරහා අදාළ Video Note ‌යොමු කළ හැකි බව සඳහන් වේ.

මෙලෙස යොමු කරන පණිවුඩය වෙනත් කෙනෙකුට ආපසු යැවිය නොහැකි (Forward) ලෙස සකස් කර ඇත. පරිශීලකයාගේ පෞද්ගලික බව ආරක්ෂා වන ලෙස මෙම විශේෂාංගය නිර්මාණය කල බව එම සමාගම පවසයි.

Share.

Comments are closed.