2024 ඩුබායි සිඟිති අලුත් අවුරුදු මංගල්‍යය හෙට ( 06)  සෙනසුරාදා සවස 3.00 සිට රාත්‍රි 8.00 දක්වා ඩුබායි ශෙයිකා ලතීෆා රෝහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව ඇත.

ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන කේන්ද්‍රය මෙහෙයවීමෙන් මෙම උළෙල සංවිධානය වේ. සවස 03.00 සිට 5.00 දක්වා අවුරුදු ක්‍රීඩා රැසක් පැවැත්වෙන අතර ඒ සඳහා දහම් පාසලේ දරු දැරියන්ට පමණක් සහභාගී වීමේ අවස්ථාව හිමි වන බව සඳහන් ය.

මීට අමතරව වයස අවුරුදු 15 ට අඩු ලාංකික දරුවන්ට හා ඩුබායි දහම් පාසලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශේෂ තරඟ සඳහා සම්බන්ධ විය හැකිය. 

අවුරුදු ක්‍රීඩා වලින් අනතුරුව සවස 5.30 සිට රාත්‍රී 8.00  දක්වා අවුරුදු සංස්කෘතික උළෙල පැවැත් වේ. ලාංකේය හෙළ සිංහල චාරිත්‍ර හා සබැඳි සංස්කෘතික අංග පිලිබඳ දරු දැරියන්ට විනෝදය සමඟ ඉගෙන ගැනීමට මෙම උළෙල කදිම අවස්ථාවක් වනු ඇත. මෙහිදී රාමදාන් චාරිත්‍ර වලට අනුකුලව, ඉෆ්තාර් වේලාවෙන් පසුව ආහාර අනුභවය සිදුකරෙන බව සඳහන් වේ.

Share.

Comments are closed.