සෞඛ්‍ය අංශයේ හෙද හෙදියන් ඇතුළු කාර්යය මණ්ඩල සඳහා ගෙවනු ලබන නිල ඇඳුම් දීමනා ඉහල දමා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අනුව හෙද කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා දැනට ගෙවන රුපියල් 15000 එම දීමනාව මෙම වසර සඳහා රුපියල් 25000 දක්වා රුපියල් 10000 කින් ඉහල දමා ඇත.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට දැනට ගෙවන රුපියල් 14000 දීමනාව රුපියල් 23000 දක්වා රුපියල් 9000 කින්ද ,මැලේරියා සහ බරවා මර්දන සහායක ,මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී , කීට විද්‍යා සහකාර ,පාසල් දන්ත චිකිත්සක යන තනතුරු සඳහා දැනට ගෙවන රුපියල් 10300 දීමනාව රුපියල් 17000 දක්වා රුපියල් 6700 කින්ද පශු එන්නත්කරුවන්ට හා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන්ට දැනට ගෙවන රුපියල් 9300 දීමනාව රුපියල් 15000 දක්වා 5700 කින් හා දැනට ගෙවන දීමනාව මෙන් දෙගුණයක් ලැබෙන සේ මෙම සියලු තනතුරු සඳහා ලබන වසරට බලපාන පරිදි 2025.01.01 සිට නැවතත් මෙම නිල ඇඳුම් දීමනා ඉහල නංවා තිබේ.

මෙම සංශෝධිත දීමනා ගෙවීමට අදාළ චක්‍රලේඛය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පී.ජී.මහීපාල මහතා විසින් නිකුත් කර ඇති අතර මෙම වසර සඳහා වූ මෙම සංශෝධිත දීමනා මැයි මාසයේ සිටද ලබන වසර සඳහා වූ සංශෝධිත දීමනා එම වසරේ මාර්තු සිට ගෙවීමටද අනුමැතිය ලබාදී තිබේ.

Share.

Comments are closed.