උත්සව සමය වෙනුවෙන් අද (10) සිට විශේෂ දුම්රිය සේවා  හා බස් සේවා ක්‍රියාත්මක වේ.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ ලබන 15 වැනි දා දක්වා දෛනිකව විශේෂ දුම්රිය 12ක් ධාවනයට එක් කර ඇති බවයි.

මේ අතර උත්සව සමය වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා බස් රථ යෙදවීමට සැලසුම් කර ඇත.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ කොළඹ බැස්ටියන් මාවත, මාකුඹුර, කඩුවෙල, කඩවත යන බස් පර්යන්තවලින් අතිරේක ගමන්වාර සැලසුම් කර ඇති බවයි.

මේ අතර බස් රථ 1400ක් සූදානම් කර තබා ඇති බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ ය.

Share.

Comments are closed.