එලඹෙන සිංහල දමිල අලුත් අවුරුද්දට සමගාමීව අබුඩාබි නගරයේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සංවිධානය කල අවුරුදු උළෙල හෙට දවස පුරා අබුඩාබි city golf club හිදී පැවැත් වේ. හෙල ගැමි නිවසේ සිරිත් විරිත් හා බැදුණු අත්දැකීම් සමග අවුරුදු කැවිලි වර්ග සැකසීම මෙන්ම ලාංකේය උරුමයන් වන රබන් වාදන හා ජන ගායනා වැනි කලාංග රැසක්ද මීට ඇතුලත්ය.

උඩරට ,පහතරට ඇතුළු දේශිය නර්තන ශෛලීන් සමඟ ලාංකේය නර්තන ශිල්පීන්ගේ නිර්මාණද නැරඹීමට අවස්ථාව මෙහිදී හිමි වේ.  උළෙලට පැමිණෙන ඔබට දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම වන ෆ්ලෑශ් බැක් සමඟ ජයශ්‍රී , මනේජ් , රොෂාන් , කින්ස්ලි, ටෂ්නි සමඟින් අමන්දි වැනි ගායන තරු සජීවීව හමු වීමට හැකියාව ඇත.
සේමිනි ඉද්දමල්ගොඩ, නයෝමි තක්ෂිලා,දසුන් පතිරන, ආශා එදිරිසිංහ , අයේෂා දිසානායක ,රන්දික ගුණතිලක , මිෂෙල් දිල්හාරා, රොහාන් රණසිංහ, සිනෙති අකිලා , විරාජ් පෙරේරා, හිරුණි රණසිංහ සහ සමනලී ෆොන්සේකා වැනි ජනප්‍රිය කලා තරු රැසක් හමු වීමේ මහඟු අවස්ථාවද ඔබට හෙට දිනයේදී ලැබේ.

ජනප්‍රිය ජයනාත්, සමීර සිල්වා , සචිත්‍ර පෙරේරා
සමඟින් නන්දන ගනේවත්ත උළෙල කථනයෙන් හැඩ ගැන්වීමට සූදානමින් සිටිති.

Share.

Comments are closed.