උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් බිලියන 200කට ආසන්න මුදලක පාඩුවක් සිදුව ඇත.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කලේ ඒ සඳහා 2010 වසරේදී සැලසුම් කළ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 52‍9ක් බවය.

එම ව්‍යාපෘතිය සඳහා 2008 වසරේදී කැබිනට් අනුමැතිය හිමිවිය.
ව්‍යාපෘතියේ වැඩ 2010 වසරේ මාර්තු 15 වැනි දා ඇරඹිණි.

කෙසේ වෙතත් එම ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණේ 2015 වසරේදීය.
මේ වනවිට එම ව්‍යාපෘතියේ වැඩකටයුතු 100% ම අවසන් කර ඇත.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මේ මාසයේ 24 හෝ 25 ජනතා අයිතියට පත් කෙරෙන බවයි.

ඉරාන රජයේ දායක්ත්වය ඇතිව කළ මෙම ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා ද පැමිණීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එම කටයුතු සූදානම් කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙගාවොට් 120ක ජල විදුලියක් මෙම ව්‍යාපෘතිය තුළින් ජාතික පද්ධතියට එක් කෙරේ.

Share.

Comments are closed.