විශේෂයෙන්ම ඩුබායි වැඩි වැඩියෙන් ආකර්ශනීය වෙළඳපොළක් ලෙස සැලකෙන හෙයින් පියාසර මෝටර් රථ ( flying cars) නගරයට හඳුන්වා දෙන බව ඉහළ පෙළේ චීන රාජ්‍ය තාන්ත්‍රිකයෙක් පවසයි.
තවත් විද්‍යුත් වාහන (EV) සහ චීනයේ නිෂ්පාදිත පියාසර මෝටර් රථ ඉක්මනින් එමීර් රාජ්‍යයට ගෙන්වීමට අපේක්ෂා කරන බව අලුතින් පත් වූ චීන කොන්සල් ජනරාල් Ou Boqian මහතා සඳහන් කරයි.

“එමීර් රාජ්‍යය සහ චීනය අතර සබඳතා සෑම අංශයකින්ම වර්ධනය වෙමින් පවතී. අපි අපගේ ද්විපාර්ශ්වික සබඳතාවයේ 40 වැනි සංවත්සරය සමරන විට, නවෝත්පාදන සහ තාක්‍ෂණ ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම නව සහ පුනර්ජනනීය බලශක්ති සහ අනාගත ප්‍රවාහන ක්ෂේත්‍රයේ තවදුරටත් වර්ධනයක් අපි දකිමු.” Boqian මහතා සඳහන් කරයි.

චීනයේ නිෂ්පාදිත EV සහ පියාසර මෝටර් රථ මඟින් එමීර් රාජ්‍යයේ විවිධාංගීකරණය සහ ආර්ථික තිරසාරත්වය ඉහළ නංවනු ඇත.
ඔහු වැඩිදුරටත් සඳහන් කලේ 
“අනාගතය දෙස බලා වැඩ කිරීම එමීර් රාජ්‍යය සහ චීනය යන දෙඅංශයටම පොදු තත්වයක් ” වන බවයි.

Share.

Comments are closed.