නිරිත දෙසින් අඩු මතුපිට පීඩනයක් හා  ගිනිකොන දෙසින් හමන සුළං සමඟ ඉහළ වායු පීඩනයක් දිගු වීමෙන් එමීර් රාජ්‍යයට අස්ථායී කාලගුණික තත්ත්වයක් බලපානු ඇති බව ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය නිවේදනය කරයි.

අප්‍රේල් 14 – ඉරිදා:
රටේ සමහර ප්‍රදේශවල විශේෂයෙන් අභ්‍යන්තර සහ දකුණු ප්‍රදේශවල විටින් විට වලාකුළු සහිත මධ්‍යස්ථ වර්ෂාපතනයක්  ඇති විය හැක. එසේම එම වර්ෂාව ඇතැම් විට අධික විය හැකි බවද සඳහන්.

අප්‍රෙල් 15, 16 – සඳුදා සහ අඟහරුවාදා:

අඩු පීඩන තත්වය සමඟ අකුණු සහ ගිගුරුම් සහිත විවිධ තීව්‍රතාවයෙන් යුක්ත වර්ෂාපතනයන් ඇති විය හැක.  සංවහන වළාකුළු සමඟ විසිරුණු  වලාකුළු ප්‍රමාණය වැඩි වනු ඇත. විටින් විට හිම කැට ද පතිත විය හැකි බව දැක්වේ.

අප්‍රේල් 17  බදාදා:
සමහර ප්‍රදේශවල විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල උෂ්ණත්වය අඩුවීමත් සමඟ දිවා කාලයේ වර්ෂාපතනය දිගටම පැවතීමත් සමඟ වලාකුළු ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වේ.

මධ්‍යස්ථ මට්ටමින් ගිනිකොන සිට ඊසාන දක්වා, සුළං හමන අතර විටින් විට විශේෂයෙන් සංවහන වලාකුළු සමඟ තද සුළං බවට පත් වේ. දූවිලි හා වැලි හමා යන අතර දෘශ්‍යතාව අඩු කිරීමටද එය සමත් විය හැක.

විශේෂයෙන් සඳුදා සහ අඟහරුවාදා අරාබි ගල්ෆ් සහ ඕමාන් මුහුදේ තත්ත්වය රළු සහ විටෙක ඉතා රළු වනු ඇත. බදාදා අරාබි ගල්ෆ් සහ ඕමාන් මුහුද බදාදා මධ්‍යස්ථ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share.

Comments are closed.