ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 මාර්තු මාසයේදී විදේශ විනිමය වෙළෙඳපොළෙන් අමෙරිකානු ඩොලර් මිලියන 715ක් මිලදී ගෙන තිබෙන බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

එමෙන්ම මහ බැංකුව විසින් පෙබරවාරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 239.5ක් විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගෙන ඇත.

ඒ අනුව මේ වසරේ මේ දක්වා මහ බැංකුව විසින් වෙළෙඳපොළෙන් මිලදී ගෙන ඇති මුළු මුදල ඩොලර් මිලියන 1,199ක් දක්වා ඉහළ ගොස් ඇති බව නිල දත්ත අනාවරණය කරයි.

Share.

Comments are closed.