ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩයේ අතිරේක බස් රථ අද දිනයේත් (13) ධාවනයට එක්කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ ය.

මේ අතර, අද(13) හා හෙට(14) කාර්යාල දුම්රිය ගමන්වාර කිහිපයක්  අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, කෙසේ වෙතත් මෙම දිනවල නගරාන්තර දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි. 

විශේෂ කාල සටහනක් යටතේ දුම්රිය ගමන් වාර 06 ක් සැලසුම් කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Share.

Comments are closed.