මන්නාරම වරායේ භූමි සීමාවන් සංශෝධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

වරාය නාවික හා ගුවන් සේවා  අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන් චන්ද්‍ර මහතා සඳහන් කළේ මීට පෙර ගැසට් කළ භූමි සීමාවන් සම්බන්ධයෙන් පැවති ගැටලු හේතුවෙන් එම පියවර ගත් බවයි.

ඒ අනුව සංශෝධිත සීමාවන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
ලේකම්වරයා ප්‍රකාශ කළේ, මීට පෙර ගැසට් කළ සීමාවට මන්නාරම නාවික හමුදා කඳවුර ඇතුළත්ව තිබූ බවය.

නව ගැසට් කිරීම්වලදී එය මගහැර වරාය සීමා ලකුණු කෙරෙනු ඇත.

Share.

Comments are closed.