දකුණු චීන මුහුදේ අක්කර 4,648ක පමණ කොරල්පර විනාශයක් සිදු වී ඇතැයි ආසියානු සමුද්‍ර ප්‍රවාහන මධ්‍යස්ථානය විසින් ගනු ලැබූ චන්ද්‍රිකා ඡායාරූප මඟින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වොෂින්ටනය පදනම් කරගත් උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයනය මධ්‍යස්ථානයට අයත් ආසියානු සමුද්‍ර ප්‍රවාහන මධ්‍යස්ථානය එම චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීමේදී එම විනාශය අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කැණීම් හා ගොඩ කිරීම් හේතුවෙන් කොරල් පර අක්කර ගණනාවක් දකුණු චීන මුහුදෙන් තුරන් වී ඇතැයි ද නිවැරැදි ඇස්තමේන්තුවක් සිදු කරන්නේ නම් විනාශය ඊට වඩා වැඩි වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පාරිසරික නීති රෙගුලාසි උල්ලංඝනය කිරීම සහ දකුණු චීන මුහුදු කලාපයේ සෙසු රටවල් විසින් දක්වනු ලබන විරෝධතා නොසලකා හැරීම සම්බන්ධව එහි වගකීම චීනයට පැවරෙනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

මේ තත්ත්වය සාගර ජෛව විවිධත්වයට බරපතළ අහිතකර බලපෑම් උදා කරන බවත් එමඟින් ගෝලීය උණුසුම ඉහළ යෑමේ අවදානමක් ද මතු වී ඇති බවත් සමුද්‍ර විද්‍යාඥයන් පෙන්වා දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Share.

Comments are closed.