Fits Air සිය ගුවන් ගමන් පුළුල් කරමින් කොළඹ හා බංග්ලාදේශයේ ඩකා අතර ඊයේ (16) සිට සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

ගුවන්තොටුපල සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම විසින් මේ බව නිවේදනය කරන ලදී.

Fits Air මේ දක්වා කොළඹ සිට ඩුබායි, චෙන්නායි සහ මාලදිවයින දක්වා වූ ගමනාන්ත තුනකට සීමා වී පැවතුන අතර බංග්ලාදේශය අතර නව මාර්ග ව්‍යාපෘතිය සමඟ ඔවුන්ගේ ඍජු ගමනාන්ත 04ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සංචාරක මෙන්ම වාණිජ කර්මාන්තයේ සැලකිය යුතු ප්‍රගමනයක් සිදුවනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් විසින් පුරෝකථනය කරන ලදී.
Fits Air ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස සැලකේ.

Share.

Comments are closed.