Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»අපේ චමරිගෙන් ලෝක වාර්තාවක්
Sports

අපේ චමරිගෙන් ලෝක වාර්තාවක්

kumudikaBy kumudikaApril 19, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය ලෝක වාර්තාවක් ද සමගින් ජය ලැබීය.

එහිදී පළමුව පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකානු පිල ඕවර 50 දී කඩුලු 5 ක් දැවී ලකුණු 301 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා පිල එම ඉලක්කය ඕවර 44.3 කදී කඩුලු 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

මෙය ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී හඹාගොස් ජය ලැබූ ඉහළතම ලකුණු සංඛ්‍යාව මෙන්ම ලකුණු 300 ක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජය ලැබූ පළමු සහ එකම අවස්ථාව ලෙස ද සැලකේ.

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල 2012 වසරේ නවසීලන්තයට එරෙහිව ලකුණු 289 ක් හඹාගොස් ජය ලැබීම මීට පෙර හඹාගොස් ජය ලැබීමේ ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.

මෙහිදී ශ්‍රී ලංකා පිල රැස්කළ ලකුණු 305 ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමකදී රැස්කළ දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වන අතර දකුණු අප්‍රිකාව 2017 වසරේ එංගලන්තයට එරෙහිව ලකුණු 374 ක් රැස්කරමින් එහි ලෝක වාර්තාවට හිමිකම් කියයි.

මෙහිදී ශ්‍රී ලංකා පිලේ නායිකා සුපිරි පිතිකාරිණි චමරි අතපත්තු අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සිය එක්දින ක්‍රිකට් පිටියේ ඉහළතම ඉනිමක ලකුණු සංඛ්‍යාව ලෙස නොදැවී ලකුණු 195 ක් රැස්කිරීමට සමත් වූවාය.

චමරිගේ මෙම ලකුණු 195 ලෝක කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී ක්‍රීඩිකාවක් රැස්කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ. නවසීලන්තයේ අමීලියා කීර් (නොදැවී 232) සහ ඕස්ට්‍රේලියාවේ බෙලින්දා ක්ලාක් (නොදැවී 229) පමණක් චමරිට ඉදිරියෙන් සිටිති.

චමරි පන්දු 139 කදී හතරේ පහර 26 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 195 රැස්කළ අතර ශ්‍රී ලංකා ජයග්‍රහණය චමරි හයේ පහරකින් සටහන් වීම ද මෙහිදී කැපී පෙනුණි. ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් විය.  

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleIMF වෙතින් ශ්‍රී ලංකාවට තවත් සහයක්
Next Article Dialog, Airtel එක්ව අලුත් මගකට
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.