Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»Dialog, Airtel එක්ව අලුත් මගකට
sri Lankan special

Dialog, Airtel එක්ව අලුත් මගකට

kumudikaBy kumudikaApril 19, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට ඊයේ(18) අත්සන් කළේය.

එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ භාරතී එයාර්ටෙල් සමාගමේ සමස්ත කොටස් නිකුතුව ඩයලොග් සමාගම අත්පත් කරගනු ඇත.

ඒ සඳහා ඩයලොග් සමාගමේ කොටස් ප්‍රමාණයෙන් 10.355% ක ප්‍රමාණයක් භාරතී එයාර්ටෙල් සමාගම වෙත ඡන්ද අයිතිය හිමි සාමාන්‍ය කොටස් හරහා නිකුත් කිරීමට නියමිතය.

මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ඩයලොග් සමාගමේ කොටස් හිමියන්ගේ අනුමැතිය සහ කොළඹ කොටස් හුවමාරුවේ නිෂ්කාෂණ හා අනෙකුත් නියාමන ක්‍රියාවලීන්ද, කොටස් විකුණුම් ගිවිසුමෙහි සඳහන් නිශ්චිත කොන්දේසිද සපුරාලිය යුතු බව ඩයලොග් සමාගම ප්‍රකාශ කළේය.

දිවයිනේ විදුලි සංදේශ ක්ෂේත්‍රයෙහි උන්නතිය වෙනුවෙන් ඇති ඉදිරි දැක්මට අනුකූලව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමාගම් දෙක අතර මෙම යෝජිත ඒකාබද්ධ කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවද ඩයලොග් සමාගම පැවැසුවේය.

සමාගම් දෙක අතර සිදු කෙරෙන මෙම ඒකාබද්ධ කිරීම පිළිබඳව අදහස් දක්වමින් ආසිආටා බර්හාඩ් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ විවේක් සූඩ් මහතා ප්‍රකාශ කර සිටියේ වෙළෙඳපොළේ වත්මන් වෙනස්වීම්වලට අනුගත වෙමින් ඩයලොග් සහ එයාර්ටෙල් ලංකා අතර මෙම ඒකාබද්ධ කිරීම සිදු කෙරෙන බවත් මෙමගින් ඩයලොග් ආසිආටා පීඑල්සී සහ ආසිආටා සමූහයේ කොටස් හිමියන්ට වැඩි ප්‍රතිලාභ ලබාදීමටත් හැකි වෙන බවත්ය.

මෙලෙස මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට එකඟ වීම පිළිබඳව එයාර්ටෙල් ලංකා සමාගමට හා කාර්ය මණ්ඩලයට ඉහළම ගෞරවය පුදකරන බවත් ඉදිරියේදී උපරිම සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවත් විවේක් සූඩ් මහතා එහිදී පැවැසුවේය.

ආසිආටා හි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර ඔහු කියා සිටියේ ප්‍රමුඛ පෙළේ ටෙලිකොම් සමාගම් දෙකක ශක්තීන් ඒකාබද්ධ වීම මගින් ශ්‍රී ලංකාවේ ටෙලිකොම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සහ තිරසාරභාවයට මහත් රුකුලක් වන බවත් මෙමගින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යවසායකයන්ට වඩාත් ඉහළ අත්දැකීමක් සහ නවෝත්පාදනයන් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙන බවය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅපේ චමරිගෙන් ලෝක වාර්තාවක්
Next Article නිර්වින්දන වෛද්‍ය හිඟය තවදුරටත්
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.