නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ බොහෝ පිරිසක් රට අතහැර ගොස් ඇති බවයි.

තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස් ඇති බව සෞඛ්‍ය ලේකම්වරයා සදහන් කළේ ය.
විදේශ පහුණුවිම් සඳහා ගිය ඇතැම් වෛද්‍යවරු මේ වනවිට පැමිණෙමින් සිටින බවද ලේකම්වරයා පවසයි.

හම්බන්තොට සහ ඇඹිලිපිටිය රෝහල්වල පසුගියදා විශේෂඥ වෛද්‍යවරු නොමැතිවීමෙන් රෝගින් අපහසුතාවට ලක් විය. 

හෙදියන් බොහො පිරිසක් විදේශ රටවල රැකියාවට ගිය ද, නව බඳවා ගැනීම් හේතුවෙන් රෝහල්වල කටයුතු වලට බාධා වී නැතැයි පාලිත මහීපාල මහතා සඳහන් කළේ ය. 

Share.

Comments are closed.