ඊශ්‍රා­ය­ල­යෙන් ඉරා­න­යට ප්‍රහා­ර­යක් එල්ල කළ බවට අමෙ­රි­කානු නිල­ධා­රින් ප්‍රකාශ කිරී­මත් සමඟ ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පොළේ තෙල් සහ රන් මිල ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව බ්‍රෙන්ට් බොර­තෙල් බැර­ල­යක මිල ඩොලර් 3කින් ඉහළ ගොස් ඇතැයි ද එය 3.94%ක වැඩි­වී­මක් බව සඳහන් වේ.

ටෙක්සාස් බොර­තෙල් බැර­ල­යක මිල ගණන් ද ඊයේ ඉරාන ප්‍රහා­ර­යෙන් පසු 4.06% කින් ඉහළ ගිය බව වැඩි­දු­ර­ටත් වාර්තා වේ. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැර­ල­යක මිල ඩොලර් 90.54 දක්වා ද, ටෙක්සාස් බොර තෙල් බැර­ල­යක මිල ඩොලර් 86.09 දක්වා ද ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහෙත් ප්‍රහා­ර­යෙන් ඉස්ෆ­හාන් නුව­රට කිසිදු හානි­යක් සිදු නොවූ බව එරට මාධ්‍ය ප්‍රකාශ කිරී­මෙන් පසු බ්‍රෙන්ට් බොර­තෙල් බැර­ල­යක මිල නැවත ඩොලර් 87 දක්වා පහළ වැටුණු බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

Share.

Comments are closed.