පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුව අදට පස් වසරක් සපිරේ. ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකර අද (21) දිවයින පුරා සියලුම දේවස්ථානවල විනාඩි 2ක නිහඬතාවයක් පැවැත්විණි.

කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ අද පෙරවරු 8.45ට එලෙස විනාඩි දෙකක නිහඬතාවයක් පැවැත්වූ බවය.

මෙම සෝචනීය දිනය සිහිපත් කරමින් කොච්චිකඩේ සිට කටුවපිටිය දේවස්ථානය දක්වා යැදුම් පෙරහැරක් ඊයේ (20) රාත්‍රී වීථි සංචාරය ආරම්භ කර තිබේ. ඒ වෙනුවෙන් සංවිධාන වූ සිහිකිරීමේ වැඩසටහන් මාලාව ඊයේ පස්වරුවේ ආරම්භ වූයේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයකිනි.

2019 වසරේ අප්‍රේල් 21 වනදාට යෙදුණු පාස්කු ඉරුදිනයේ පුද්ගලයින් 273 දෙනකුගේ ජීවිත උදුරාගත් අතර තවත් 500කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබූහ.

Share.

Comments are closed.