පළාත් 07ක උණුසුම අද (22) අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

උතුර , උතුරු මැද , බස්නාහිර , සබරගමුව , නැගෙනහිර , දකුණ සහ වයඹ පළාත්වල ප්‍රදේශ ඊට ඇතුළත් ය. මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල ද උණුසුම හෙට අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Share.

Comments are closed.