ඩුබායි හි දී පැවැත්වෙන 21 වන ආසියාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ කාන්තා තුන්පිම්ම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ලංකාවේ නෙත්මිකා මධුෂානි හේරත් සමත් වූවාය.

තරඟ ඉසව්ව ඊයේ පැවැත් වූ අතර ඇය මෙම ඉසව්වේදී දෙවෙනි ස්ථානය හිමි කර ගත්තේ මීටර් 13.01 ක ඉහල අගයක් වාර්තා කරමිනි. මෙය ඇයගේ හොඳම පෞද්ගලික වාර්තාවද වෙයි. නෙත්මිකා මදුෂානි මොනරාගල බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවකි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වන ක්‍රීඩක කණ්ඩායමේ නායිකාව වන්නේද නෙත්මිකා මදුෂානි ක්‍රීඩිකාවයි.

Share.

Comments are closed.