Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලංකාවේ ස්ට්‍රෝබෙරි වගා ගම්මානයක්
Sri Lankan news

ලංකාවේ ස්ට්‍රෝබෙරි වගා ගම්මානයක්

kumudikaBy kumudikaApril 26, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදේශකත්වයෙන් ආරම්භ කෙරෙන මෙම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය, නව තාක්ෂණය යොදාගනිමින් අපනයනය ඉළක්ක කර ගත් නව වගාවන් කෙරෙහි ගොවි ජනතාව හුරු කරවීම සඳහා රජය විසින් ආරම්භ කර ඇති වැඩ පිළිවෙළ යටතේ ස්ථාපිත කෙරේ.

මෙම වැඩ පිළිවෙළ යටතේ නුවරඑළියේ ගොවීන් 40 දෙනෙක් තෝරා ගෙන ඇති අතර ඔවුන්ට ස්ට්‍රොබෙරි වගා කිරීම සඳහා රුපියල් මිලියන 30ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සපයනු ලැබේ. ගොවීන්ට වගාවට අවශ්‍ය ස්ට්‍රොබෙරි පැළ මෙන්ම වගාව සඳහා අවශ්‍ය නව තාක්ෂණය සහ ජලසම්පාදන කටයුතු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සැපයීම සිදු කිරීමට කටයුතු යොදා ඇත.

විශේෂයෙන් මෙම වගාව සඳහා එක් ගොවියෙකුට රුපියල් ලක්ෂ 13ක පමණ මුදලක් වැය වන අතර ඉන් රුපියල් 750,000ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නැවත අය කර ගැනීමකින් තොරව ලබා දීමට කටයුතු යොදා තිබේ. ඉතිරි ලක්ෂ 06ක මුදල අදාල වගාවෙහි නියුතු ගොවීන් විසින් දරනු ලබයි.

නුවරඑළියේ ආරක්ෂිත ගෘහ තුළ මෙම ස්ට්‍රොබෙරි වගාව සිදු කරන අතර ආරක්ෂිත ගෘහ 40ක් මේ වනවිට සකස් කර ඇත. මෙම ආරක්ෂිත ගෘහ සියල්ලම සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව (Automated) දුරස්ථ පාලන යෙදවුමක් මගින් ක්‍රියාත්මක කළ හැකිවේ. මෙම වගාව සඳහා අවශ්‍ය ස්ට්‍රොබෙරි පැළ මෙම මස අවසන් වීමට ප්‍රථම ආනයනය කිරීමට කටයුතු යොදා තිබේ.

එක් ආරක්ෂිත ගෘහයක් තුළ දළ වශයෙන් ස්ට්‍රොබෙරි පැළ 300ට වැඩි ප්‍රමාණයක් වගා කරනු ලබයි. එම පැළ මෙරටට ලැබුනු පසු වගාව ආරම්භ කිරීමට පියවර ගන්නා බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එම්. ඒ. එල් අබේරත්න මහතා පැවසීය.

මෙම ස්ට්‍රොබෙරි වගාව දේශීය වශයෙන් මෙන්ම අපනයනය ද ඉළක්ක කරමින් වගා කිරීමට නියමිත අතර ගොවීන්ගෙන් අස්වැන්න මිල දී ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් සංවිධානය කර තිබේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමාලදිවයිනේ සිට ශ්‍රී ලංකාව දක්වා සෘජු ගුවන් සේවා අරඹයි
Next Article Sheikh Hamdan කුමරු ඩුබායි ගල්පර ව්‍යාපෘතිය විවෘත කරයි
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.