බලශක්ති ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නව නියාමන ආයතනයක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව මෙම  අංශය පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සහ නීතිමය රාමුවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

Share.

Comments are closed.