දැනට වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය සූදානමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව 2025 වසර මුලදී මෙම වාහන සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා සූදානම් වන්නේ ඒ පිළිබඳව නිර්දේශ ලබාදීමට පත් කර ඇති කමිටුවේ උපදෙස් මත බව සඳහන් වේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිකුත් කල නිර්දේශ  වූයේ වාහන ආනයන සීමාවන් ක‍්‍රමානුකූලව ඉවත් කළ යුතු බවය. ඒ හරහා රජයේ බදු ආදායම් ඉලක්ක සැලකිය යුතු මට්ටමෙන් ඉහළ යනු ඇති බවද එම නිර්දේශ වල වැඩිදුරටත් සඳහන් විය.

කෙසේ වෙතත් මේ සදහා මුදල් ඇමති ලෙස ජනාධිපතිවරයාගේ අවසන් අනුමැතිය ලැබිය යුතුව තිබේ. මේ අතර, රජය විසින් රථ වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන්නේ නම් භාවිත කරන ලද වාහන ආනයනය කිරීමටද වැඩි ඉඩක් ලබා දිය යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කලහ.

මේ අනුව අවසන් වරට වාහන ආනයනයේ දී පාවිච්චි කරන ලද වාහන සඳහා ලබා දුන් වසර 3 වසර 7ක් දක්වා හෝ ඉහළ දමන ලෙස සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා ඉල්ලා සිටියේය.

භාවිත කළ වාහන ආනයනය කළහොත් අලු‍ත් වාහනවලට වඩා අඩු මිලකට ලබා දිය හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පැවසුවේ ඒ තුළින් රජයට හිමිවන බදු ආදායමේ වෙනසක්ද සිදු වන බවයි.

Share.

Comments are closed.