2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී අද (30) ආරම්භ වේ.
ජාත්‍යන්තර රග්බි තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයන්නේ වසර 11කට පසුවය.

මෙම තරගාවලියට ඉන්දියාව, කසකස්ථාන, කටාර් සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී වනු ඇත. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ සුහිරු ඇන්තනි ක්‍රීඩකයාය.

තරගාවලියේ සියලු තරග කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වේ.
පළමු තරගය කටාර් සහ කසකස්ථාන කණ්ඩායම් අතර අද සවස 4.00ට ආරම්භ වීමට නියමිතය.

සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

Share.

Comments are closed.