කළුතර උතුර ප්‍රදේශයෙන් ඊයේ (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීමක් සිදුව තිබේ. මේ හේතුවෙන් කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී.

උදෑසන සිට මුහුද රළු වීම නිසා ආබෲ මාවත  ප්‍රදේශයෙන් මුහුද ගොඩගලා ඇත. මේ හේතුවෙන් වෙරළේ ගාල්කර තිබූ ධීවරයාත්‍රා සියල්ලම ගොඩට ඇදීම නිසා එම මාවතේ ගමනාගමන කටයුතු මුළුමනින්ම අවහිර වූ බවද සඳහන් වේ.

අධික රළ දිගින් දිගටම ගොඩබිම් දෙසට වැඩිවීම හේතුවෙන් ආබෲ මාවතේ කොටසකටද හානි සිදුව ඇත. තවද ආබෘ පාලමට ද දැඩි හානි සිදුව ඇතැයි වාර්තා විය.

Share.

Comments are closed.