Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»RTA විසින් ඩුබායි හි පදික වේදිකා නඩත්තුව අවසන් කරයි
RTA

RTA විසින් ඩුබායි හි පදික වේදිකා නඩත්තුව අවසන් කරයි

kumudikaBy kumudikaApril 30, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

තිරසාරභාවයේ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට හා ගනුදෙනුකරුවන්ගේ සතුට ඉහළ නැංවීම සමඟ යහපැවැත්ම පෝෂණය කිරීමට ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් එමිරේට් පුරා පුළුල් පදික වේදිකා නඩත්තු කටයුතු සිදු කළේය. 2023 නඩත්තු සැලැස්ම යටතේ සිදු කරන ලද මෙම ව්‍යාපෘතිය, ඩුබායි පුරා නේවාසික, සංචාරක, වාණිජ, ආර්ථික සහ වෙරළබඩ ප්‍රදේශ ආවරණය කරමින් වර්ග මීටර් 80,000 කට වඩා විහිදී ඇත.

නඩත්තු කටයුතු මගින් පදිකයින්, හරස් මාර්ග, සේවා මාර්ග සහ ඒකාබද්ධ භාවිතය (පදිකයින් සහ පාපැදිකරුවන්) සඳහා පදික වේදිකා වර්ග කිහිපයක් ආවරණය කරන ලදී. අනිසි භාවිතය හෝ පාරිසරික බලපෑම් හේතුවෙන් ගිලා බැසීම්, ඛාදනය වීම් ඇතුලුව විවිධ හානි වීම් වලට ලක් වූ  පදික වේදිකා සංවර්ධනය කර ඇත.

RTA හි රථවාහන හා මාර්ග ඒජන්සියේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු හුසේන් අල්-බන්නා පැවසුවේ “පදික මාර්ග නඩත්තු කටයුතු අවසන් කිරීම වීදි සංරක්ෂණය කිරීම,  සෞන්දර්යාත්මක පෙනුම පවත්වා ගනිමින් කල්පැවැත්ම, ආරක්ෂාව සහ තිරසාරභාවය සහතික කිරීම අරමුණු කරගත් RTA හි පුළුල් උපාය මාර්ගයේ කොටසක් බවය. මෙම ව්‍යාපෘතිය ලොව පුරා ඉහළම පන්තියේ ප්‍රමිතීන්ට අනුකූලව පදිකයන්ගේ සහ පදික වේදිකා භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කරයි.

“මෙම ව්‍යාපෘතිය මගින් මාර්ග වත්කම්වල ව්‍යුහාත්මක තත්ත්වයන් සහ මාර්ග භාවිතා කරන්නන්ගේ ඉහළම ආරක්ෂාව සහතික කරයි. මේ අනුව එය ඩුබායි හි පදිංචිකරුවන් සහ අමුත්තන් යන දෙඅංශයේම යහපැවැත්ම පෝෂණය කිරීමේ අවසාන අරමුණ සාක්ෂාත් කර ගැනීමට දායක වේ. ”අල් බැනා වැඩිදුරටත් අදහස් දැක්වීය.

RTA විසින් නගරය පුරා පදික වේදිකාවල නඩත්තු කටයුතු විෂය පථය පෙර වසරට සාපේක්ෂව 2024 වත්මන් වර්ෂය සඳහා අවම වශයෙන් 10% කින් ඉහළ නැංවීමට අදහස් කරයි. මෙම සැලැස්ම Al Wuheida, Al Khabisi, Al Twar 2, Al Sufouh 1, 2nd December Street සහ Jumeirah Street හි පාපැදි ධාවන පථයේ පදික වේදිකා නඩත්තු කටයුතු ආවරණය කරයි. ඩුබායි මරීනා හි අල් රිග්ගා සහ අල් මුරකබාත් මාර්ග පාපැදි ධාවන පථවල, ජුමෙයිරා වීදියේ මංසන්ධිවල සහ ෂෙයික් සයීඩ් පාරේ සේවා පදික වේදිකාවල නඩත්තු කටයුතු ද සිදු කෙරේ. එමීර් රාජ්‍යය පුරා පදික වේදිකා නඩත්තු කිරීම සහ පුනරුත්ථාපන කටයුතු අතරතුර පදික ගමනාගමනය ආරක්ෂිත සහ සුමට ලෙස ගලායාම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලුම ආරක්‍ෂිත පියවරයන් වෙත යොමු කිරීමට RTA උනන්දු වෙයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2024 ආසියානු රග්බි ශූරතාවලිය අද සිට
Next Article 2024 දී එමීර් රාජ්‍යයට ඇතුළත් වීමේ Visa අවශ්‍යතා පිලිබද රජයෙන් දැනුම් දීමක්
kumudika

Related Posts

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.