ගීත 7ක් ගායනා කිරීම වාරණය කරමින් සේනක බටගොඩ මහතාට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණය විසින් නිකුත් කර තිබු වාරණ නියෝගය නැවත දීර්ඝ කර ඇත.

නඩුව අද(30) කැදවීමෙන් අනතුරුව ජුනි 18 දා දක්වා එම වාරණ නියෝගය දීර්ඝ කර ඇතැයි සදහන් වේ.

“අපි කවුරු ද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීන වලට පනක් තියෙනවා, හොදම දේ සහ සැනසෙන්නම් මා” යන ගීත මෙම ගායන වාරණයට අදාලය.

එම ගීත වල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ ජනත් කුලතිලක මහතා විසින් මෙම නඩුව සේනක බටගොඩ මහතාට එරෙහිව ගොනු කරමින් වාරණ ආඥාවක් ලබා ගනු ලැබීය.
එළඹෙන ජුනි 18 දින නැවත මෙම නඩුව කැඳවීමට ගරු වානිජ මහාධිකරණය නියෝග කරනු ලැබූ බව වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.