Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»2024 ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේ දස්කම් දැක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට Dubai Sri Lions වෙතින් උත්තමාචාර
UAE Sri Lankan

2024 ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේ දස්කම් දැක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට Dubai Sri Lions වෙතින් උත්තමාචාර

kumudikaBy kumudikaApril 30, 2024Updated:May 2, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසු ගියදා ඩුබායිහිදී අවසන් වූ අවුරුදු 20 න් පහල ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේ දස්කම් දැක් වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය විසින් උපහාර පුද කිරීමක් සිදු කලේය.
ආචාර්ය කැලුම් සුජිත් මහතාගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක, ශ්‍රී ලයන්ස් සමාජය සංවිධානය විසින් මෙම උපහාර පිදීමේ උළෙල සංවිධානය කරනු ලැබීය.

මෙම ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගි වීමට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ තම පෞද්ගලික වියදමින් ක්‍රීඩාවට ඇති ලැදියාව සඳහා කැප කිරීම් කළ  පුහුණුකරුවන් කෙරෙහිද ශ්‍රී ලයන්ස් සමාජයේ විශේෂ අවධානය යොමු විය. ලක්බිම කාගෝ ආයතනය සහ සිරාජ් ෆයිනල් සමාගම ඔවුන් සඳහා මූල්‍යමය දායකත්වය ලබා දුන් බව වැඩිදුරටත් සඳහන් වේ.

ඩුබායි හි ශ්‍රී ලංකා ගරු කොන්සල් ජනරල් ඇලෙක්සි ගුණසේකර මහතා සමඟ එක්ව ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය, ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟාවලිය සඳහා ඩුබායි වෙත පැමිණි මොහොතේ පටන් ඔවුන්ව දිරිමත් කරමින් සෙසු අවශ්‍යතා සොයා බලා ඒවා ඉටු කිරීමට සුවිශේෂී මෙහෙයක් ඉටු කරනු ලැබූහ.

ක්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ සහයෝගයෙන් එහි ලාංකික ප්‍රජාව හා පසුගිය සෙනසුරාදා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත් වීමටද ශ්‍රී ලයන්ස් සමාජය කටයුතු සූදානම් කර තිබිණි.

රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනාගත් ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායමට උපහාර දක්වමින් ශ්‍රී ලයන්ස් සමාජයෙන් සියලු පදක්කම් ලාභීන්ට මුදල් ත්‍යාග සමඟින් සිහිවටන පිරිනැමීමක් සිදු කෙරුනු අතර එම පිළිගැනීමේ උත්සවයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශූරතාවලියේදී දැක්වූ විශිෂ්ට දස්කම් අගයමින් තවත් ඇගයීම් සංකේත ප්‍රදානයන්ද කිහිපයක්ද සිදු වූ බව සඳහන්ය.

මෙහිදී ක්‍රීඩක කණ්ඩායමට අවශ්‍ය ක්‍රීඩා උපකරණ සඳහා අනුග්‍රහය දැක්වීමට Sri Lions සමාජය සමඟ අත්වැල් බැඳ සිටින ලක්බිම කාගෝ සමඟ එමීර් රාජ්‍යයේ වෙසෙන Olcott පාසල් ආදි ශිෂ්‍ය කණ්ඩායම, ශාන්ත පීතර විද්‍යාලයීය ආදි ශිෂ්‍ය කණ්ඩායම,DS සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය, Sri lanka business Council of dubai, dessert club cricket academy, SLCL, Classic venture Tourism, , Top Nock International , Danube, Thambapanni Resturant ආදි සංවිධාන හා වෙලඳ ආයතන රැසක් එක්ව සිටියහ.

ලෝක HEI සමූහය විසින් තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඔවුන්ගේ පුළුල් ආයතන ජාලය හරහා ශිෂ්‍යත්ව ප්‍රදානයටද සූදානම් බව සඳහන්.  බිබිලේ වැනි දුෂ්කර පළාතක වෙසෙන රිදී පදක්කම්ලාභිණිය වෙනුවෙන් මාස් පතා මූල්‍යමය ශිෂ්‍යත්වයක් ප්‍රදානය කිරීමට ලක්බිම කාගෝ ආයතනය ඉදිරිපත් වීමද සුවිශේෂී සිදුවීමක් විණි.  උත්සව අවස්ථාවට ශ්‍රී ලාංකීය ආහාර පාන සැපයීම තුෂානිස් රෙස්ටුරන්ට් අනුග්‍රහයෙන් සිදු වූ බව වැඩිදුරටත් සඳහන්ය.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2024 දී එමීර් රාජ්‍යයට ඇතුළත් වීමේ Visa අවශ්‍යතා පිලිබද රජයෙන් දැනුම් දීමක්
Next Article සේනක බටගොඩට එරෙහි ගීත වාරණය තවදුරටත්
kumudika

Related Posts

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.