උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම නිසා දිනකට රුපියල් මිලියන 80 ක පමණ ඉතිරියක් විදුලිබල මණ්ඩලයට හිමිවන බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ සුදර්ම ඇලකන්ද මහතා සඳහන් කරයි.

වෙනත් ප්‍රභයන් මගින් විදුලිය නිෂ්පාදනයට වඩා මෙමගින් විදුලිය නිෂ්පාදනය ලාභදායි බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

මේ වනවිට උමා ඔය ව්‍යාපෘතිය මගින් විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන එක්දාස් පන්සියයක පමණ ඉතිරියක් සිදුව තිබේ.
උමා ඔය ව්‍යාපෘතිය මාසයක් පමණ කාලයක් ක්‍රියාත්මක කෙරිණ.

මෙම සංවර්ධන යෝජනා ක්‍රමය පසුගියදා ජනතා අයිතියට පත් කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. 

2007 වසරේ නොවැම්බර් 27 වෙනිදා අත්සන් කළ ගිවිසුමකට අනුව උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2008 වසරේ අප්‍රේල්  21 වෙනිදා ය. 

Share.

Comments are closed.