ජපානයේ ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ එතෙක් මෙතෙක් ඉතිහාසය තුල කිසිදු ගමන් මලු නැති වීමක් සම්බන්ධව පැමිණිලි නොලැබූ ලොව එකම ගුවන්තොටුපොළ බවට වාර්තා වේ. ගුවන් තොටුපොළ වර්ගීකරණ සිදු කරනු ලබන බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් Sky tracks ආයතනයේ වාර්තාවකින් මේ බව හෙළි වී තිබේ.

මෙම ගුවන්තොටුපොළ මෙහෙයුම් ආරම්භ කළ 1994 වසරේ සිට මේ දක්වා එවැනි පැමිණිලි කිසිවක් ලැබි නැත. වාර්ෂිකව මිලියන 20-30 ක මගීන් සංඛ්‍යාවක් හුවමාරු වන කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධ මේ වාර්තාව ස්කයිට්‍රැක්ස් ආයතනය විසින් නිකුත් කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් මාසයේදීය. ලොව ගුවන්තොටුපොළ අතර ගමන්මලු සම්බන්ධව වැඩිම පැමිණිලි වාර්තා වී ඇත්තේ අමෙරිකාවේ චිකාගෝ ගුවන්තොටුපොළෙන් බව ද වාර්තා වේ.

Share.

Comments are closed.