06 වන ආසියානු කැරම් ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කාන්තා කැරම් කණ්ඩායම එහි අනු ශූරතාවය දිනා ගනිමින් රිදී පදක්කමත් , කාන්තා යුගළ තරගාවලියෙන් ලෝකඩ පදක්කමත් හිමි කර ගෙන ඇත. පිරිමි කණ්ඩායම මෙම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගනිමින් ලෝකඩ පදක්කමක් හිමි කර ගෙන ඊයේ (02) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය ඉකුත් අප්‍රේල් 27 දින සිට මැයි 1 දින දක්වා මාලදිවයින්හි, මාලේ නුවර ආසියානු කළාපයේ රටවල් 07 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

මෙම තරගාවලියේ දී ” ස්විස් ලීග් ” ඉසව්ව සදහා තරග කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක සයිඩ් හිල්මි එහි අනු ශූරතාවය දිනා ගනිමින් රිදී පදක්කමක් දිනා ගැනීමට ද සමත් විය.

කටුනායක ගුවන් තොටුපොළේ දී මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ ලේකම් සහ කණ්ඩායමේ පුහුණුකරු ලැන්ග්ලි මතායස් මහතා වත්මන් ලෝක ශූරතාවය හිමි කර ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම බවත් මීට පෙර අවස්ථා හතරක දී ලෝක ශූරතාවය දිනා ගෙන ඇති බවත් සදහන් කලේය. එළඹෙන නොවැම්බර් මස ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලියට සහභාගී වී එහි ශූරතාවය දිනා ගැනීම තම බලාපොරොත්තුව බව ද පැවසීය .

ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම  අද (02) රාත්‍රී 11.35 ට මාළදිවයින සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 104 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පවුල් වල පිරිස් ඇතුළු හිතවතුන් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

Share.

Comments are closed.

Exit mobile version